රණවිරු උපහාර මහා සෑයේ කොත නිරාවරණය කිරීමේ මහා පිංකම හා සිරි විජයාරාම විහාරස්ථානයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම

Posted on Leave a comment

වෑවල උද්යෝගීපුර බොල්ගොඩ ගංතෙර සිරි විජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද “රණවිරු උපහාර මහා සෑයේ” කොත නිරාවරණය කිරීමේ මහා පිංකම 2017ක් වූ වෙසක් මස 19 වන දින ඓතිහාසික මල්වතු විහාරවාසී අග්ගමහා සද්ධම්මජෝතිකාධාජ සාහිත්‍ය චක්‍රවර්තී ඇති පූජ්‍ය නියංගොඩ ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අභිධාන මල්වති මහා විහාර පාර්ශවයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සාමාජවාදී ජනරජයේ […]

රණවිරු උපහාර වෙහෙරේ ධාතු නිධාන පූජෝත්සවය

Posted on Leave a comment

පිළියන්දල, වෑවල, උද්යෝගීපුර සිරි විජයාරාම විහාරස්ථානයේ රුදුරු ත්‍රස්තවාදයෙන් රට මුදවාගත් රණවිරුවන්ට උපහාර පිහිස බොල්ගොඩ ගංතෙර අභිනවයෙන් ඉදිකරන ලද බුබ්බුලාකාර චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතු නිධානය, නිධන් වස්තු තැන්පත් කිරීම හා කොත පැලන්දවීම 2017 මැයි මස 05 වන දින පෙ.ව 8.00ට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.

වාර්ෂික කඨින චීවර පිංකම 2015

Posted on Leave a comment

වෑවල සිරි විජයාරාමයේ වාර්ෂික කඨින පිංකම සහ දානමය පිංකම දහම් පාසැල් දරු දැරියන්ගේ සහ විහාරස්ථාන දායක පිරිසගේ සහබාගීත්වයෙන් සිරි විජයාරාම විහාරස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් 25 සහ 26 යන දෙදින පැවැත්වින.

උපසම්පදා මහා පෙරහැර

Posted on Leave a comment

උපසම්පදාවට පත් පුජ්‍ය තල්ගම්පල ඥානාලෝක සහ පුජ්‍ය ලුණුගම්වෙහෙරේ පඥ්ඥාලෝක යන හිමිවරුන් පිළියන්දල සිරි විජයාරාම විහාරස්‌ථානයට වැඩම කරවීමේ පෙරහැර හා බුද්ධ පූජාව සිරි විජයාරාම විහාරස්‌ථ සිරි වංගීස දහම්පාසල් ගුරු සිසු හවුල හා ප්‍රදේශවාසීන් ගේ සංවිධානයෙන් වර්ෂ 2015ක් වූ පොසොන් මස 23 වන දින පිළියන්දල සිරි විජයාරාම විහාරස්‌ථානයේ දී පැවැත්විණි.

උපසම්පදා මහෝත්සවය

Posted on Leave a comment

පුජ්‍ය තල්ගම්පල ඥානාලෝක සහ පුජ්‍ය ලුණුගම්වෙහෙරේ පඥ්ඥාලෝක යන හිමිවරුන්ගේ අධිශීලසංඛ්‍යාත උපසම්පදා මහෝත්සවය පසුගිය ජූනි මස 22 වෙනි දින මහනුවර සෙංකඩගල මල්වතු මහාවිහාරීය ඓතිහාසික උපෝසථාගාරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි.