රණවිරු උපහාර මහා සෑයේ කොත නිරාවරණය කිරීමේ මහා පිංකම හා සිරි විජයාරාම විහාරස්ථානයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම

Posted on

වෑවල උද්යෝගීපුර බොල්ගොඩ ගංතෙර සිරි විජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද “රණවිරු උපහාර මහා සෑයේ” කොත නිරාවරණය කිරීමේ මහා පිංකම 2017ක් වූ වෙසක් මස 19 වන දින ඓතිහාසික මල්වතු විහාරවාසී අග්ගමහා සද්ධම්මජෝතිකාධාජ සාහිත්‍ය චක්‍රවර්තී ඇති පූජ්‍ය නියංගොඩ ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අභිධාන මල්වති මහා විහාර පාර්ශවයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සාමාජවාදී ජනරජයේ 5 වන විධායක ජනාධිපති ගරු. මහින්ද රාජපක්ෂ මැති තුමාගේ සුරතින් රණවිරු උපහාර මහා සෑයේ කොත නිරාවරණය වූ අතර, සෑ රදුන් සඳහා ප්‍රථම මල් පූජාවත් එතුමා අතින් සිදු විය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සාමාජවාදී ජනරජයේ 5 වන විධායක ජනාධිපති ගරු. මහින්ද රාජපක්ෂ මැති තුමාගේ සුරතින් රණවිරු උපහාර මහා සෑයේ කොත නිරාවරණය වූ මොහොත
රණවිරු උපහාර මහා සෑයේ ප්‍රථම මල් පූජාව පැමිණ සිටි අමුත්තන්ගේ මූලිකත්වයෙන් සිදු විය

 

 

මීට සමගාමීව සිරි විජයාරාමය පිලිබඳ සාහිත්‍යසූරී දේශමාන්‍ය ජයන්ත සුමනසේකරයන් විසින් රචිත “බොල්ගොඩ ගංතෙර සිරි විජයාරාම රණවිරු මහා සෑ සිරසාභිවන්දනා” කෘතියද පිළිගැන්වීමද සිදු විය.

සාහිත්‍යසූරී දේශමාන්‍ය ජයන්ත සුමනසේකරයන් විසින් රචිත “බොල්ගොඩ ගංතෙර සිරි විජයාරාම රණවිරු මහා සෑ සිරසාභිවන්දනා” කෘතියද පිළිගන්වමින්

සිරි විජයාරාම විහාරයේ නිල වෙබ් අඩවිය (www.siriwijayaramaya.lk) ද එදින ගරු මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත විය. වෙබ් අඩවිය සඳහා සියලුම මූල්‍යමය හා තාක්ෂණික දායකත්වය සපයන ලද  සිරි විජයාරාම විහාරස්ථ සිරි වංගීස දහම්පාසලේ ආදී ශිෂ්‍ය TekiMart ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු කවිඳු නාරාතොට මහතා හා ප්‍රධාන ඉංජිනේරු චරිත චතුරංග මහතා විසින් වෙබ් අඩවිය හඳුන්වා දීමේ කටයුතු සිදු කෙරින.

සිරි විජයාරාම නිල වෙබ් අඩවිය ගරු මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කිරීමෙන් අනතුරුව TekiMart ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කවිඳු නාරාතොට මහතා විසින් වෙබ් අඩවිය පිලිබඳ කෙටි හැඳින්වීමක් කරමින්…

මෙයට අමතරව ඕස්ට්‍රේලියාවේ පදිංචි අනුර කුලසේකර මහතාගේ සංවිධානයන් සිදු උන ආභාධිත රණවිරුවන් ට හා ප්‍රදේශයේ විහාරස්ථාන වලට රෝද පුටු පරිත්‍යාග කිරීමේ කටයුත්තද සිදු වින.

ඉන් අනතුරුව උත්සව සභාව ඇමතු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ යුද්ධයෙන් පසු සංහිදියාව ඇති උන බවත්, මහා සංඝරත්නය සිටින තාක් කල් රණවිරුවන් ව අප හදවත් වලින් ඈත් කිරීමට නොහැකි බවත් ය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සාමාජවාදී ජනරජයේ 5 වන විධායක ජනාධිපති ගරු. මහින්ද රාජපක්ෂ මැතිතුමා රැස්ව සිටින සභාව අමතමින්

මෙම උත්සවය අනුනායක හිමි වරුන්, පාර්ලිමේන්තු මැති ඇමති වරුන් ඇතුළු ප්‍රභූ වරුන් ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ඡායාරූප – අචලංක හතරසිංහ

සම්පූර්ණ ඡායාරූප ඇල්බමය වෙන පිවිසෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *